ආර්ථික විද්‍යාව දන්නා වික‍්‍රමබාහු බන්දුලගේ අභියෝගය භාර ගනී


ආර්ථික විද්‍යාව දන්නා අයෙකු වෙත්නම් අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන එවැනි පුද්ගලයෙකුට ඉදිරිපත් කළ ප‍්‍රසිද්ධ විවාදයක් වෙනුවෙන් වූ අභියෝගය ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න භාර ගනියි.

රු. 7,500ක මාසික වියදමකින් තිදෙනෙකුගෙන් යුත් පවුලකට ජීවත් විය හැකි බවට ඇමතිවරයා කළ ප‍්‍රකාශයක් එම විවාදයේදී මාතෘකාව වනු ඇත.

ආචාර්ය කරුණාරත්න නව වාමාංශික පෙරමුණේ නායක හා දෙහිවල-ගල්කිස්ස මහනගර සභාවේ සභිකයෙකු වේ.

ජනතාවට දුගීන් ලෙසින් ජීවත් වීමට ගුණවර්ධන ඇමතිවරයා උගැන්වීමට යාමට එරෙහිව තමන් අදාළ අභියෝගය පිළිගන්නා බවට මේ වන විටත් ඇමතිවරයාට දන්වා යැවූ බව ඔහු පවසා සිටී.

විවාදය සජීව ලෙසින් විකාශය කිරීමට පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් ඉදිරිපත්ව ඇතැයි ද හෙතෙම කියා සිටී.

තමා සමඟ විවාදයට පැමිණෙන පුද්ගලයා අපොස සාමාන්‍ය හා උසස් පෙළ විභාගවලදී ආර්ථික විද්‍යාව සමත්ව ශ‍්‍රාස්ත‍්‍රපති උපාධිය ලබාගත් අයෙකු විය යුතු බව ඇමතිවරයා පවසා තිබිණ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright 2012 Lanka Alert Designed by Master Media - Email : editor.lankaalert@gmail.com