ජැකලින් ෆර්ඩිනෑන්ඞ්ස්, මෙහෙම කෙනෙක් ලෝකෙ ඉන්නවා කියලා අපි දැනගත්තෙත් 'ඇලඩින්' චිත්රපටියෙන් තමයි.
ලංකාවේ චිත්රපටිය ප්රදර්ශනය වුණේ 'සැම ලාංකිකයෙක් ම අනිවාර්යෙන් ම නැරඹිය යුතුයි' කියන සිරස්තලයත් එක්ක.
ඇයි මේ ලංකාවේ හැමෝම බලන්න ඕන කියලා හොයලා බලද්දි තමයි අපි දැන ගත්තේ ජැකලින් කියන්නේ ලංකාවේ මුල් තියෙන ලාංකික තරුණියක් කියලා.
ඇලඩින් චිත්රපටියත් එක්ක ජැකලින් ජනප්රිය වුණා තමයි.
ඒත් ඉතින් එ ජනප්රියත්වය නිසා හැමෝම එයාට ගරු කරන්න ඕන කියලා නියමයක් කොහේවත් නෑනෙ.
පසුගිය දවසක ජැකලින් ලංකාවට ආව වෙලාවේ වැලිසර අබාන්ස් Abstract (A World) වෙළඳසැලට ගියා.
ඒ ආයතනයේ වෙළඳ සේවිකාවන් දෙන්නෙක් ජැකලින්ට ගරු කළේ නෑ කියලා ඇය එහි කළමණාකාරීත්වයටත් පැමිණිලි කලා.
පිටිසර පළාතක සේවිකාවන් දෙදෙනා කියන විදියට ඔවුන් ජැකලින් කියන්නෙ කවුද, එයා ජනප්රිය කෙනෙක්ක නැද්ද කියලාවත් දන්නෙ නෑ.
ඒකත් වෙන්න බැරි දෙයක් නෙවෙයි.
අනිත් අතට එයා ජනප්රියයි කියලා අපේ අය එයාට වැඳගෙන ඉන්න ඕනද?
අන්තිමට මේ සේවිකාවන් දෙදෙනාගේ සේවය අත්හිටුවීමට ඒ ආයතනයේ පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා.






0 comments:
Post a Comment