ජේසුතුමන් කුරුසියේ ඇණ ගසා ඇති ආකාරය පෙන්නුම් කෙරෙන ප්රතිමාවක, මරියතුමියගේ මුහුණේ චායාවක් මතුව ඇති බවට හැඳල නායකකන්ද දෙව්මැදුරෙන් වාර්තා වේ.
එම ආරංචිය පැතිර යෑමත් සමඟ දහස් ගණන් කතෝලික බැතිමතුන් එම දේවස්ථානය කරා පැමිණෙමින් සිටී.
දෙව්මැදුරේ අල්තාරයටත් ඉතා ඉහළින් සවිකොට තිබෙන එම ප්රතිමාවේ පපුවත්, උදරයත් අතර කොටසේ දේව මුහුණ පෙනෙන බව පැවසේ.
එය නැරඹීමට පැමිණි පිරිස් දෙව්මැදුරේ පියතුමාගේ දේශණයකින් පසුව විසිර ගියෝය.





0 comments:
Post a Comment